gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරුද්ධවාදීන් බිය ගන්වන්න අහසට වෙඩි තියයි

විරුද්ධවාදීන් පිරිසක් සමග ඇතිවු බහින්බස්වීමක් හේතුවෙන් ඔවුන්ව බිය ගැන්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු අහසට වෙඩි තැබීමේ සිදුවීමක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ.

හිටපු මන්ත්‍රීවරයා හොරණ ප්‍රදේශයේ අයත් පෞද්ගලික ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි රැඳී සිටි පිරිසක් සමග ඇතිවූ බහින්බස්වීමක් අතරතුර එම පිරිසෙන් අයෙක් පොරවකින් පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එම පහරදීමට පැමිණීමත් සමග තම ආරක්ෂාව වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මිටර් 9ය වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව පොලිසිය සදහන් කරයි.

එලෙස අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවත් එම හිටපු මන්ත්‍රීවරයා සතු ගිනි අවියට නිත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද වාර්තා වේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka