gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයකට සූදානම්! ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි! පොහොට්ටුවේ තීන්දුව ජනපතිට කියයි

ආණ්ඩුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ කැබිනට් අමාත්‍යවරුන්ද ඒ ඒ පක්ෂවල දිස්ත්‍රික් දේශපාලන නායකයන්ගේද සහභාගිත්වයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන මෙහෙයුම් කමිටුවක් සැකසීමේ මූලික සාකච්ඡාව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුද එක්වී සිටි බව වාර්තා වනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ සෙසු දේශපාලන සංවිධාන මනා සම්බන්ධීකරණයකින් එක් අරමුණක් ඔස්සේ ක්‍රියා කළ යුතු බව මෙම හමුවේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එහිදී පොහොට්ටුව නියෝජනය කරන පක්ෂ කණ්ඩායම වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මෙහෙයුම් කමිටුවක් අරඹන්නේ නම් ඒ ගැන මුලින්ම ඒ ඒ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතාද එම අදහස අනුමත කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම සාකච්ඡාව තවදුරටත් සංවිධානාත්මකව පවත්වා අදාළ මෙහෙයුම් කමිටුව පත් කෙරෙනු ඇති.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka