gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බීමත්ව සුපිරි වෙළෙද සංකීර්ණයේ චන්ඩි පාට් දැමු සුරාබදු නිලධාරීන්ව ගෙදර යවන්න සුදානම්!

සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කොළඹ වන් ගෝල්ෆේස් වෙළද සංකීර්ණයේ ආපන ශාලාවක් තුළ සිදු වු ආරවුලේ සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කරයි.

බීමත්ව සිටි සුරාබදු නිලධාරීන් කණ්ඩායම වෙළෙඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට පහරදී ඇති අතර එම ආරවුලට සම්බන්ධ වී සිටින නිලධාරීන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් බවද සදහන් කරයි.

ගෝල්ෆේස් වෙළද සංකීර්ණයේ වෙනත් ස්ථානයක පැවති උපන්දින සාදයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී එම ආරවුලකට මැදි වූ සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට නියමිත බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කරයි.

තවද එම නිලධාරීන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විමර්ශනයක් සිදුකර සියලුදෙනාගේ වැඩ තහනම් කිරීමකට හෝ සුදුසු දඬුවමකට යටත් කිරීමට පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka