gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්!

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  තිළිණ ගමගේ අද (07) නියෝග කළේය.
සද්ධාරතන හිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 28 දා රාත්‍රියේ අනුරාධපුර ශාවස්ත්‍රිපුර ප්‍රදේශයේ දී ය.  
අනතුරුව කොළඹට රැගෙන විත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු උන්වහන්සේ අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරනි.

ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානි වන පරිදි උන්වහන්සේ කළ ප්‍රකාශ සම්බන්ධව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව රාජාංගනයේ හිමියන්  මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka