gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරලිය ගහ මන්දිරයට, අගමැති කාර්යාලයට, ජනාධිපති ‌පුද්ගලික නිවසට, ජනාධිපති ලේකම් කාර්යාලයට, ගාලු මුවදොරට, ඇතුලුවීම තහනම්!

අද (07) දින ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව විසින් කොළඹ සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. 
කොටුව, කොල්ලුපිටිය හා කොම්පඥ්ඥ වීදිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව කොළඹ අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලුමුවදොර වටරවුමේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා ඇතුළුවීම තහනම් කර නියෝගය නිකුත් කර ඇත.

අන්තරේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ ළහිරු වීරසේකර ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka