මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ අවධානය යොමුවී ඇති බව වාර්තාවෙයි.
ජනාධිපතිවරණයක් නොපවත්වා ජනමත විචාරණයක් පැවැත්වීමෙන් රජයට මුදල් ද විශාල වශයෙන් ඉතුරු කර ගැනීමට හැකි වනු ඇති බවද එහිදී මූලික අදහසක් වී ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමටද යෝජනා වෙමින් ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානින් කිහිප දෙනකු අතරම සාකච්ඡාවක් පැවැත් වී ඇත.
ලබන වසර අවසන් වීමටවීමට පෙර ව්‍යවස්ථානුකූලව මෙරට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද අවස්ථා කීපයකදීම කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් ධුර කාලයක් රට පාලනය කිරීම සඳහා ජනතාව අවස්ථාවක් ලබා දිය යුතු බවයි. ඒ සඳහා ජනතාවගේ මතය විමසිය යුතු නම් එය ද කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.