gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රසදිව පිනවන ලෝක ප්‍රකට අවන්හල් සන්නාමයක කැලිකසල වැල්ලවත්ත වෙරළ තීරයේ සීසීකඩ යන හැටි මෙන්න (PHOTOS)

ලංකාව කියන්නේ ලෝකේ සුන්දර වෙරලක් හිමි රටක්. අපේ රට මේ තරම් සංචාරක ආකර්ෂණය දිනා ගන්නත් අපේ වෙරළබඩ පරිසරයේ සුන්දරත්වය හේතුවක්. කොහොම වුණත් මේ ත‍රම් සුන්දර වෙරළ ආශ්‍රිත පරිසරය ආරක්ෂා කිරීම ගැන කතාබහ කාලාන්තයක් තිස්සේ පවතින්නක්.

යමක් ආරක්ෂා කරන්නට වන්නේ එහි පරිහානිය වන විටයි. ඒ අනුව වෙරළ පරිසරය ආරක්ෂා කරන එක ගැන කතා කරන්නට වන්නේ එයට හානි සිද්ධ වන විටයි.

එවැනි පුවතක් මේ දිනවල සමාජ ජාලාවල සංසරණය වෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ ඇති ලෝක ප්‍රකට අවන්හල් සන්නාමයක් ඔවුන්ගේ අවන්හලේ අපද්‍රව්‍ය වැල්ලවත්ත වෙරළට බැහැර කර ඇති සේයාරූ පෙලක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

වෙරළ පරිසරය ආරක්ෂා කිරීම ගැන හමෝගෙම අවදානය යොමුව ඇති මොහොතක, විදේශිකයින් පවා මෙරටට පැමින අපේ සුන්දර වෙරළ තීරය පවිත්‍ර කරන්න විවිධ වැඩසටහන් දියත් කරන වකවානුවන මෙවැනි නොමනා ක්‍රියා වහාම නතර කළ යුතු බවත් මෙවැනි අවන්හල් ඔවුන්ගේ කැලිකසල බැහැර කිරීම සඳහා වෙනත් විකල්පයක් සොයාගත යුතු බවත් කිව යුතුමයි…

මේ තියෙන්නේ සමාජ ජාලාවල සංසරණය වෙන ඒ ඡායාරූප පෙළයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka