gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇප ලැබුණු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොලීසිය පස්සේ පන්නයි

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රතිරූපයට හානිවන අයුරින් පොලීසිය කටයුතු කර ඇතැයි කියමින් ඒ මහතා විසින් දැමූ පැමිණිල්ලකට අනුව 07 සහ 09 දිනයන්හි මරඳන්කේනි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට යාපනය මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා.

මේ අනව 07 වනදා මරඳන්කේනි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණ පසුගිය 02 වනදා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි විභාග ශාලාවක් ආසන්නයේ ඇති වූ ආරවුල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැමිණියා.

එහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ කටයුතුවලට බාධා කිරීම පහරදීමට උත්සහ ගැනීම බැනවැදීම හා තර්ජනය කිරීම ආදි කරුණු දක්වමින් මරඳන්කේනි පොලීසියට එරෙහිව මානව හිමිකම් කාර්යාලයේ පැමිණිළි කොට තිබුණා.

කෙසේ වෙතත් පැය කිහිපයක කරුණු විමසීමෙන් පසුව මානව හිමිකම් කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ආපසු ගිය බවටත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 09 වනදා සවස 2ට මානව හිමිකම් කාර්යාලයට පැමිණීමට නියමිත බවටද යාපනය මානව හිමිකම් කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී.කනකරාජ් මහතා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka