gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද කාලවලදී මාධ්‍ය වැඩ කරන්න ඕන කොහොමද? ආණ්ඩුව මැතිවරණ පනත වෙනස් කරන්න ලෑස්ති වෙයි!

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ,පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022 වසරේ දෙසැම්බර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඉහත  සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි රජය නිවේදනය කරයි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka