gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ විරෝධයෙන් පසු හෙට හවස 5ට ආණ්ඩුවෙන් යළිත් රැස්වීමක් කැඳවයි! මේ පාර සියලුම පක්ෂවලට එන්න කියයි

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සදහා හෙට දින සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇත.

අද දිනයේදී අගමැති කාර්යාලයෙන් ඒ සදහා ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊයේ දිනද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබූ නමුත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් බහුතරයක් එම රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.

ඊට හේතු වී තිබුණේ පොහොට්ටුවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකොට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුලු නියෝජිතයන්ට මෙම රැස්වීම සදහා ආරාධනා කොට තිබීමය.
 
එසේ රැස්වීම සදහා නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා කරද්දී මේ අයුරින් තනිතනිව ආරාධනා නොකොට පක්ෂයක් වශයෙන් පොහොට්ටුවට ආරාධනා කිරීම සුදුසු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්ද අදාළ පාර්ශ්වයන් වෙත සදහන් කොට තිබිණ.
 
එමෙන්ම මීට පෙර අවස්ථාවකදීද මේ අයුරින්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් සංවිධාන කොට තිබූ අතර එහිදීද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට ජනාධිපතිවරයා ඉදිරියේම සිය දැඩි විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka