gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හදිසි ජනපතිවරණයකට සූදානමක්?

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්, ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන් ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
-lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka