gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුතුරජාට කුළුගෙඩි පහර දී කකුලක් කඩලා… යලි තායිලන්තයට දී රන් කිලෝ දෙකක බරට මුදල් අරගෙන…

මුතු රාජා නම් ඇතා ලංකාවට නැති කලේ කන්දේවිහාරයේ හාමුදුරුවන් විසින් බව ‘රෙයා ශ්‍රී ලංකා’ සංවිධානයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටිට මහත්මිය සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී ඇය සඳහන් කරන්නේ ඇතා තායිලන්තයට භාර දෙන්නෙ රත්ත්‍රන් කිලෝ දෙකක බරට සමාන මුදලක් ගෙන බවයි.ඇතා ලෙඩ සනීප කර ආපසු ශ්‍රී ලංකාවට බාරදෙන කතාව අසත්‍ය බවද පවසන ඇය වන ජීවී අධිකාරිය එම සත්වයා ගැන කිසිදු සොයාබැලීමක් සිදුනොකළ බවට ද චෝදනා කරයි.

මුතුරාජා හස්තියාගේ කකුලක් කැඩිලා නොව කුළුගෙඩි පහර දී කඩා ඇති බවටත් චෝදනා කරන ඇය හාමුදුරුවන්ට අවශ්‍ය වන්නේ මුතු රාජා ආපසු ගෙනවිත් හම්බකරගැනීමට බවද කියා සිටී.

සංවිධාන විසින් සොයා නොබැලුවානම් හස්තියා මේ වනවිටත් මියගොස් බවද පවසන ඇය වනජීවී අධිකාරියට මේ ගැන පැවසූ විට නීති ගැන කථා කිරීම පමණක් සිදුකල බවද පැවසුවාය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka