gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුධර්මාගේ මෙහෙකාරියගේ ඝාතනයට ප‌ොලිසිය‌ේ පිරිසක් අත්අඩංගුවට!

කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය ගැන විමර්ශන කරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම එම ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිකරගෙන තිබේ.

මේ වන විට පොලිස් කණ්ඩායමක් ඇය පදිංචිව සිටි බණ්ඩාරවෙලටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළට රැගෙනවිත් පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවත් එහිදී ඇය මියගිය පසු නාඳුනන තැනැත්තියක් ලෙස කොළඹ ජාතික රෝහලට ඇයව ඇතුළත් කර මෙම මරණය සැඟවීමට වැලිකඩ පොලිසිය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

තමාගේ නිවසේසොරකමක් සිදු වී ඇති බවට සුදර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ල වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් පොත්වල ලියා ඇත්තේ පොලිස් පහර දීමෙන් මෙහෙකාරිය මියගිය පසුව බවට ද තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත.

එම පැමිණිල්ල ලියාගෙන ඇත්තේ සුදර්මා නෙත්තිකුමාරගේ නිවෙවෙ ගොස් එහිදී බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් ද විශේෂ සොයා බැලීමක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ සම්බන්ධයෙන් 58 හැවිරිදි සුදර්මා නෙත්තිකුමාර මහත්මිය වැලිකඩ පොලිසියට පෙරේදා (10) පැමිණ සිය නි‍වෙස‌ේ සිදුවූ එම සොරකමට අදාළ සවිස්තර පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව රාජගිරිය කුරේ මාවතේ පිහිටි ඇගේ නිවෙවෙදී මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් අතර කාලය තුළදී බව පවසා තිබේ.

එසේම ඇය එම වැඩිදුර පැමිණිල්ලෙහි දක්වා ඇත්තේ රන් භාණ්ඩ, වටිනා සුවඳ විලවුන්, රූපලාවණ්‍ය භාණ්ඩ සොරාගැනීමක් සිදුව ඇති බවය.

එහි මුළු වටිනාකම සඳහන් කර ඇත්තේ රුපියල් 1,914,000ක් ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරුතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ළඟදීම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka