gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙයි නාමල්ගෙයි විරෝධය නොතකා ‌අද හවස ආණ්ඩුව පැත්තෙන් පොහොට්ටුවේ නියෝජිතයන්ට යළිත් කැඳවීමක්! රැස්වීම උණුසුම් වන ලකුණු! පිරිසක් රැස්වීම වර්ජනයේ!

අද සවස පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු නියෝජිතයන් රැසකට ආණ්ඩුව පැත්තෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමක් ලැබී ඇති බව වාර්තා ‌වේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය නොතකා මෙම කැඳවීම සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.මීට පෙර අවස්ථාවකදී ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් යැයි කියමින් ආණ්ඩුව පාර්ශ්වයෙන් පොහොට්ටුවේ ප්‍රධානීන්, දිස්ත්‍රික් නායකයන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු තෝරාගත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගෙන තිබිණ.

එහිදී එම කැඳවීම සම්බන්ධයෙන් රැස්වීම අතරතුරදී ප්‍රසිද්ධියේම විරෝධය පළ කිරීමට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පියවර ගෙන තිබිණ.

එහිදී සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඍජුව පොහොට්ටුවට කතා කොට නිල වශයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවත්, පොහොට්ටුවේ දැනුවත් භාවයකින් තොරව පොහොට්ටු නියෝජිතයන් රැස්වීම් සදහා කැදවීම නොකළ යුතු බවත්ය.

එමෙන්ම අද පැවැත්වීමට නියමිත රැස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙද්දී නාමල් රාජපක්ෂ මහතාද පෙන්වා දී තිබුණේ නිල වශයෙන් පොහොට්ටුව සමග සාකච්ඡා කොට මෙවැනි රැස්වීම් කැදවීම සුදුසු බවය.

නමුත් මෙම විරෝධය නොතකා අද සවස කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු පොහොට්ටුවේ නියෝජිතයන්ද සහභාගී වන රැස්වීමක් කැදවීමට ආණ්ඩුව පැත්තෙන් පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම රැස්වීමේදී පොහොට්ටු ප්‍රධානීන් සිය විරෝධය ප්‍රසිද්ධියේම පළ කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම අද දින රැස්වීමට කැදවා ඇති පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුලු නියෝජිතයන් රැසක් ඊට සහභාගී නොවීමට දැනටමත් තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka