gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වැඩ බාරගන්න ආ බත්තරමුල්ල සමූප සභාපතිට වෙඩි තියපු සිද්ධිය පත්තු වෙයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ සමූප රක්ෂණ සමාගමේම අධ්‍යක්ෂවරයෙක්! බස් ව්‍යාපාරිකයෙක්-හමුදාවෙන් පැන්න අයකුත් අල්ලයි!

බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට මීගොඩ ගැමුණු මාවතේ දී  වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩලයේ සභාපති මෙන්ම සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර බස්රථ හිමි ව්‍යාපාරිකයකු යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළකු සහ බස් කොන්දොස්තරවරයකු ද වන බව පොලිසිය කියයි.

වෙඩි වැදී තුවාල ලැබූ මීගොඩ වල්පිට තිසර උයන පදිංචි සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලය කැමැත්තෙන් හා අධිකරණයේ පවතින ලද නඩු තීන්දුවක් අනුව ඉකුත් 2 දෙවෙනි දින  සභාපතිවරයා ලෙස නම් කර තිබූ බව පොලිසිය කියයි.

එයට හිටපු සභාපති වරයා අමනාපෙන් පසු වී ඇති අතර ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයකු වන මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල‍ෙ සභාපතිවරයා වත්මන් සභාපති ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත.

ඒ සඳහා සැකකාර මාතර සමුපාකාර මණ්ඩල සභාපති ගේ ගෝලයකු වන කළුතර වරකාගොඩ ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරිකයාට පවසා ඇති අතර ඔහු විසින් අනෙක් පිරිස සම්බන්ධ කර ගනිමින් අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අවස්ථා කීපයකදීම වර්තමාන සභාපතිවරයාට වෙඩි තැබීම සඳහා පැමිණියද එම අවස්ථා කීපයම මගහැරී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා හිටපු සෙබළා ත්‍රීරෝද රථයෙන් පැමිණ සැඟවී සිට වෙඩි තැබීමෙන් අනතුරුව කිලෝමීටරයක් පමණ දිව ගොස් යතුරු පැදියේ නැගී හයිලෙවල් පාරට පැමිණ එතනින් බස් රථ හිමි ව්‍යාපාරිකයා රැගෙන ආ තිරෝද රථය නැගී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සඳහා ගිනි අවිය හා උණ්ඩ හයක් ලබාදී ඇත්තේ මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල සභාපතිවරයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහුට ද  ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය කියයි

ගිනි අවිය විදේශීය රටක නිෂ්පාදිත  ගිනි අවියකි. -ලංකාදීප
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka