gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පොහොට්ටුවන්ට ලං වෙන්න අමාරු කරයි... බැසිල් තවත් වැටක් දමයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් කවුරුන් විසින් හෝ කැඳවන්නේ නම් පළමුව පක්‍ෂය දැනුවත් කළ යුතු බවත් අනතුරුව පක්ෂය විසින් එම නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් එම පක්ෂයේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මෙම මේ බව දැනුම් දී ඇත්තේ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා ඊයේ පැවති සාකච්ඡාවකදීය.

රටේ ඉහල නායකයන් හා පොදුජන පෙරමුණේ නායකයන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳව විවිධ නිලධාරීන් මාර්ගයෙන් එම නායකයන් දැනුවත් වීම සිදුකරන නිසා පක්ෂයේ විනය පිළිබඳ ගැටලුවක් ඇතිවිය හැකි නිසා මේ පිළිබඳ පක්ෂයේ සියලු දෙනා සැලකිලිමත් යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් කැඳවීමක් සම්බන්ධයෙන් මෑතක දී මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. එහිදී අවසානයේ දී පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇත්තේ පක්ෂයේ මන්ත්‍රීවරු කැදවන්නේ නම් පක්ෂ නායකයන් හරහා දැනුවත් කිරීම කළ යුතු බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka