gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසි ඖෂධ මිලදී ගැනීම් හෙළි කළ වකුගඩු රෝහල් අධ්‍යක්‍ෂගේ ගෙල සිඳින වැයමක්!

වැඩි මිලක් ගෙවමින් හදිසි ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට අවසර ලබාදීමෙන් රටට විශාල මූල්‍ය පාඩුවක් වන බවට තොරතුරු ඉදිරිපත් කළ වකුගඩු රෝහලේ අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීම නිසා හෝ බාහිර ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත රෝහල් අධ්‍යක්‍ෂවරුන් ක්‍රියා කිරීම හේතුවෙන් නියමිත මුදලට වඩා සියයට දහසකින් පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව වකුගඩු රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය, චාල්ස් නුගවෙල මහතා ඒ පිළිබඳව සමීක්‍ෂණ වාර්තාවක් මගින් කරුණු කියා තිබිණි.

වැඩි මිලට හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රටට සිදුවන දැවැන්ත මූල්‍ය පාඩුව පෙන්වා දුන් වකුගඩු රෝහල් අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති පියවර කැත නින්දිත සහ ලැජ්ජාසහගත ක්‍රියාවක් බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කර සිටී.

මේ අතර ඖෂධ මිල වැඩිවීම හා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරුණු සඳහන් කළ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති, අජිත් තිලකරත්න මහතාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සුජීව තත්සර
දිවයින


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka