ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ බිරිඳ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අජිත් රෝහණ මහතාට පොලිස් දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිල මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ අජිත් රෝහන මහතා සිට නැති බවත් අනෙක් මෝටර් රථයේ රියැදුරු බීමතින් සිට ඇති බවත් පරීක්ෂණ පවත්වන කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත දෙස සිට පිත්තල හංදිය දෙසට ගමන් කරමින් සිටියදී විදුලි සංඥා පුවරුව අසල නතර කර සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
පසුගිය 14 වන දා රාත්‍රී 12.00ට පමණ අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ පොලිස් රියදුරෙකු විසිනි.