gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නුවරඑළියේ අක්කර 32ක තුරඟ තරඟ පිටිය විකුණන සැලැස්මක් එළියට!

නුවරඑලිය නගර මධ්‍යයයේ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් අක්කර 32 ක තුරඟ තරඟ භූමි ප්‍රමාණය විකුණා දැමීමේ සැලසුමක් ඇතැයි සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය අනාවරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසනවා.

දැනට මෙම තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු කිරීම සිදුකරනු ලබන්නේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින්. ඒ 2012 අගෝස්තු 15 වන දින සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සමඟ නුවරඑලිය රාජකීය තුරඟ තරඟ ක්‍රීඩා සමාජය (Royal Turf Club, Nuwara Eliya) ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් මගින්. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳහා අධිකාරිය විසින් ස්ථානභාර නිලධාරියෙකු සහ තවත් සේවකන් 11 දෙනෙකු පමණ පිරිසක් සුගතදාස අධිකාරියෙන් යොදවා තිබෙනවා.
 
ඒ කටයුතු වෙනුවෙන් තුරඟ තරඟ භූමි පැවැත්වෙන අශ්ව ගාල් සැණකෙළි ආදිය සිදු කරමින් වාර්ෂිකව අධිකාරියට ආදායම් උපයාගෙන ඇති බවයි කියන්නේ. නුවරඑලිය තුරඟ තරඟ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වසර 02 ක කාලයකට අදාළ වන ලෙස 2015 වසරේ දී ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ මාසයකට ලක්‍ෂ 02 බැගින් ගෙවන පරිදි යි. ඒ සමඟ ම තවත් රුපියල් ලක්‍ෂ 20ක තැන්පතුවක් ද තබා තිබෙන බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය පවසනවා. වසර 02ක් වෙනුවෙන් ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් කර ඇති අතර ඉන් පසු 2017 වසරේ ගෙවිය යුතු මුදල නොගෙවා තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 20 මුදලින් අඩුකර ගැනීමට සලස්වා තිබෙන බවයි කියන්නේ. ඉන් පසුව 2018 වසරේ සිට තුරඟ තරඟ සමාජයට කාලය ප්‍රමාණවත් නොවන බව පවසා වසර 10ක සඳහා ගිවිසුම අලුත් කරන ලෙස ඉල්ලා ඇති බවයි කියන්නේ. ඊට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය එකඟ නොවූ හෙයින් කැබිනට් අනුමැතියකින් වසර 05 ක කාලයකට පිටිය පරිහරණය සඳහා කාලය දීර්ඝ කරගත් බව පැවසෙනවා.
 
එහෙත් වාර්තා වන ආකාරයට 2018 වසරේ සිට 2023 වසර දක්වා නුවරඑලිය තුරඟ තරඟ ක්‍රීඩා සමාජය විසින් කිසිදු ගෙවීමක් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත ලබාදී නැති බවයි කියන්නේ. එසේ වුවත් එම මුදල් සුගතදාස අධිකාරියට අය කර ගැනීමට එවකට සිටි පාලකයින් කටයුතු කර නොමැති නිසා බවයි අදාළ වෘත්තීය සමිති නිවේදනයේ දැක්වෙන්නේ. ඒ හේතුවෙන් අධිකාරිය වෙත මූල්‍යමය වශයෙන් පාඩුවක් සිදුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙවැනි තත්වයක් තිබිය දී ම 2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවරඑලිය තුරඟ තරඟ පිටිය නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන ඉහත සඳහන් කර ඇති අධිකාරියට ණය ගැති වී සිටින තරඟ තුරඟ ක්‍රීඩා සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සේවක සංගමය වෙනුවෙන් නිවේදනය නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් එන්.ජී. කරුණාතිලක පවසන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka