gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්පෝට් 2ක් අරන් ආ චීනාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ! මීට පස්සෙ ලංකාව තහනම්! දැනටමත් චීනයේ වරෙන්තුකරුවෙක්!

ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමග මෙරට පැමිණි චීන ජාතිකයාට යළි මෙරටට ඇතුළු වීම සම්පූර්ණයෙන් අත්හිටුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ, සැකකරු මෙරටින් පිටුවහල් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි. 
හැකි ඉක්මණින් එම කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
 
සැකකාර චීන ජාතිකයා එරට මත්ද්‍රව්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බව ද අමාත්‍යවරයා අනාවරණ කළේ ය.

පසුගිය 18 වැනි දා ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ මෙම චීන ජාතිකයා ගිනී රාජ්‍යයේ ගමන් බලපත්‍රයකින් රටට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ එය ව්‍යාජ එකක් බව තීරණය කළ ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka