gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මට ඕන විදිහට වැඩ කරන්න දෙන්න” – නම් කියමින් සියල්ල හෙළිදරව් කරන්න බන්දුල සූදානම්!

තමා රටේ ජනතාවට පොරොන්දුවක් දී ඇති බවත් එය ඉටු කර නොගැනීමට කවුරුන් හෝ ඉඩ නොදුනහොත් ඔවුන්ගේ නම් ගම් සමඟ සියල්ල පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

මාස 3ක් ඇතුලත පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවට තමා ජනතාවට පොරොන්දු වූ බවත් රජයේ කිසිදු වියදමක් නොමැතිව එය සිදු කිරීමට ආයතන 12ක් ඉදිරිපත් වී ඇති බවත් එම ආයතන 12 අතරින් සුදුසු අය තෝරා ගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එය තමාට විනිවිද භාවයකින් යුතුව ඉටු කර ගැනීමට අවස්ථාව නොදෙන්නේ නම් ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka