ආණ්ඩුවේ යෝජනාවකට අනුව ලබන 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී තමන්ට ඒ මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, නාමල් රාජපක්ෂ මහතාටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.ඊට හේතු වශයෙන් ඔවුන් මහින්දටත් නාමල්ටත් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවැති පොහොට්ටු ආණ්ඩුව විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබූ බවත්, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දමද්දී ජනක රත්නායක මහතා නිරතුරුවම ජනතාවගේ පැත්තෙන් සිට ඊට එරෙහිව සටන් කළ අයකු බවත්ය.
එමෙන්ම ඒ මහතා අසාධාරණ විදුලි බිලට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ඒ මහතාට විරුද්ධව ඡන්දය ලබා දීමට නොහැකි බව මෙම මන්ත්‍රීවරුන් මහින්දට සහ නාමල්ට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

සබැදි පුවත් -