gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළුතර සිසුවියගේ නඩුවේදී උසාවිය උණුසුම් වෙයි! සිසුවිය විකුණලා තියෙන්නේ 20000කට! 12000ක ඇඩ්වාන්ස් එකක් ගිණුමකට දාලා!

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියව ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද (15) අවසර ලබා දී තිබේ.

ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්තාවේදීය.

මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

දැනට සිදුකළ විමර්ශනවලදී සැක මතු වී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා, ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලට දැරිය අලෙවි කර ඇති බවටය.

ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12,000 ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව අදාළ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පිරික්සීමට විමර්ශකයින්ට මෙලෙස අධිකරණයෙන් අවසර හිමිව තිබුණි.

නමුත් තමා අලෙවි කරන බවක් මියගිය දැරිය දැන සිටියේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නොමැත.

එමෙන්ම තරුණිය ඉහළ මහලෙන් ඇදවැටීමට ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

අදාළ අධිකරණ කටයුතු අද කළුතර මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණේ මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර නොදෙමිනි.

නඩු වාරය අතරතුරදී පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් වාද විවාද සිදුවූ බව වාර්තා වෙයි.

කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය, රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

රුපියල් ලක්ෂ 02 ක් වූ ශරීර ඇපයක් මත එලෙස මුදාහැරුණේ සිද්ධිය වූ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳවය.

සෙසු සැකකරුවන් තිදෙනා වන රිමාන්ඩ් භාරයේ සිටින, මියගිය දැරියගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka