gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 2ක් ගිහිල්ලත් විනාශය තවම ඉවර නෑ! අන්න ආයෙමත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දුවෙන්න පටන් අරන්! පැත්ත පළාතේ යන්න බෑ! මේවා තෙල්ද-නයිට්‍රික් ඇසිඩ්ද? පරිසර විනාශය ගණන් බලන්න කවුරුවත් නෑ වගේ!

මෙරට මුහුදු කලාපයට දැඩි හානියක් සිදුකළ එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් දෙවසරකට පසු නෞකාවෙන් තෙල් වැනි යම් ද්‍රවයක් යළි මුහුදට කාන්දුවෙමින් ඇති බව අනාවරණ වී තිබේ. මේ බව හෙළිකර තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විසිනි.

2021 මැයි 19 වනදා ඉන්දියාවේ සිට මෙරට මුහුදු සීමාවට පැමිණි එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ විය.

නයිට්‍රික් ඇසිඩ් ඇතුළු රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 1,486 ක් රැගෙන යමින් සිටි නෞකාව ගිනිගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට සිදුවූයේ අති විශාල හානියකි.

එම හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් වන්දි ලෙස මෙරටට හිමිවිය යුතු යැයි තීරණය කෙරුණු අතර ඒ සඳහා නඩු පැවරීම ද සිදුකෙරුණේ අර්බුදකාරී තත්ත්වයක් මැදය.

නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම චීනයේ ෂැන්හයි සැල්වේජ් ආයතනය මේ වන විට සිදුකරමින් සිටියි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් වසර දෙකකට පසු යළිත් නෞකාව ගැන කතාබහක් නිර්මාණය වී ඇත.

එම ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ මේ වන විටත් විනාශ වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අතරින් යම් ද්‍රාවයක් මුහුදට කාන්දු වන බවය.

“දැනුත් තෙල් යනවා පෙනවා. අවුරුදු 2ක් තිස්සේ. මම අභියෝග කරනවා ඇවිලා බලන්න. මට සැකයක් තියෙනවා යට තියෙන කන්ටේනර් පෙට්ටියක විසක් හෝ කාන්දු වෙනවා. තෙල් නැහැ කියලා කිව්වා පිච්චිලා ගියා කිව්වා දැන් මේ තෙල් මෙතනින් යනවා. තෙල් ද විසකාරක දෙයක්ද ? මහාචාර්යවරු කියන විදියට අවුරුදු 10ක් 15ක් නෙමේ අවුරුදු 50ක් 100ක් යනවාලු. එහෙම වුනොත් මේ මගේ හැඳල ධීවරයන්ට යන කලදසාව මොකක්ද කියලා හිතාගන්නා බෑ”

මෙය නිරීක්ෂණය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද සහභාගි විය.

එහිදී ඔහු පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිසි අයුරු සිදු නොවන බවක් පෙනි යන බවය.

“නැවේ හොඳ කොටස අරගෙන ගිහිල්ලා දැන් යටකොටස විතරයි තියෙන්නේ. දැන් මේ නටඹුන්වලිනුත් තෙල් කාන්දු වෙනවා පෙනවා. වතුර කළු වෙලා තෙල් පැල්ලම් මතු වෙනවා තෙල් ගඳ වහනය වෙනවා. මොනවාද මේ මුහුදට එකතු වෙන්නේ. තාමන් විශාල පරිසර හානියක් මේ නැව ආශ්‍රිතව සිදුවෙනවා. මේ පරිසර හානිය ගැන ගණනය කිරීම අතහැරලා දාලද කියලා අපිට සැකයක් තියෙනවා. මේවා පරීක්ෂා කරන්න පත් කරලා තියෙන ටීම් එකටත් තාම පත්වීම් දීලා නෑ.  මේවා කරන්නේ කවුද හොයන්නේ කවුද ? මේ හානිය ගණන කරන්න කවුරුත් නෑ” 
-අද දෙරණ

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka