gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සුධර්මාගේ මුද්දේ කේස් එකේ සිද්ධියේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙ මැරිලා උණුසුම ගියෙත් නෑ! ලහිරු පෙරේරාගේ පියානෝවක් උස්සපු සිද්ධියකට පොලිසිය මහ රෑ 1ට සැකකරුවකුගේ ගෙදරකට ගිහින් දෙන්නෙක්ට හොඳටම ගහලා!

ප්‍රසිද්ධ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නි‍ෙවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පිරිසක් එම නි‍ෙවසේ රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.මෙම පහරදීමෙන් තුවාල ලැබූ පිය පුතු යුවළ රෝහල්ගතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගායන ශිල්පියාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ගම්පහ පිහිටි බේකරියක් බලා ගනු ලබනුයේ පවුලේ සාමාජිකයෙකු විසින් බව ද එම නිලධාරියා කීය. ගායන ශිල්පියාට අයත් පියානෝවක් ඇතුළු සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබී ඇත්තේ බේකරිය පිහිටි ගොඩනැඟිල්ලෙහිය. ටික දිනකට පෙර එම පියානෝව අතුරුදන්ව ඇති බවත් ගායන ශිල්පියා සහ ඔහුගේ සහෝදරයා විසින් ඒ ගැන කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඥාතියා විසින් එය සොරාගෙන ගොස් ඇති බව යැයිද එම නිලධාරියා කීය.

ඒ අනුව මේ ගැන ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබී ඇත. එම පැමිණිල්ලට අනුව ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ දැනුම්දීමකට අනුව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය 26 වෙනිදා පෙරවරුවේ සැකකරු රැඳී සිටින බව කියන දිවුලපිටිය සල්ගාදුවත්තේ පිහිටි නි‍ෙවසට ගොස් ඇත. පොලිස් නිලධාරීන් එහිදී නිවැසියන්ට දැනුම්දී ඇත්තේ සැකකරුට පොලිසියට පැමිණෙන ලෙසය.

එසේ දැනුම්දීමක් කර තිබියදීත් පෙරේදා (27) අලුයම 1.00ට පමණ පොලිස් නිල ඇඳුමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සිවිල් පුද්ගලයින් පිරිසක් මෙම නි‍ෙවසට ගොස් සැකකරුව සොයා නි‍ෙවසේ ඒ වන විට රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදී ඇති බව උසස් පොලිස් නිලධාරියා කීය.

පහර දුන් එක් නිලධාරියෙකුව නිවැසියන් විසින් හඳුනාගෙන ඇති අතර ඔහු ගම්පහ පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයෙකු බව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ඔහු සමඟ මෙම පහරදීමට ගිය අනෙක් නිලධාරියා සොයා විමර්ශන පැවැත්වෙන බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka