gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණයක්. නව ප්‍රමාණයන් මෙන්න

QR කේත ක්‍රමය යටතේ වාහන සඳහා ලබාදී ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම වැඩිකිරීම ලබන අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය.

එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.




gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka