අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජීඑස්එම් සුබෝධනී මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශට මාරු කර යවා තිබේ.
අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ස්ථානමාරු පිළිබඳව ගැටළුවක් දුරදිග යාම හේතුවෙන් අතිරේක ලේකම්වරිය මාරු කිරීමට අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කර ඇති බවයි.
ස්ථාන මාරුවීම් ලද අතිරේක ලේකම්වරිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරියක් හෝ තනතුරක් නොමැතිව සිටින බවද දැනගන්නට ඇත
අතිරේක ලේකම්වරිය සහ ගුරුමාරු අධ්‍යක්ෂකවරිය අතර මත ගැටුම් පවතින බවද ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෑතකදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ අතිරේක ලේකම්වරියක් තමන්ටත් වඩා උඩින් කටයුතු කරන බවයි. අමාත්‍යාංශ රැස්වීම්වලදී ද ඇය අදහස් නොදක්වා නිශ්ශබ්දව සිටින බවද ඇමතිවරයා චෝදනා කර තිබුණි.