gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල ක්‍රියාකාරී බුද්ධි ප්‍රබෝධ මැරෙන්න පෙර ලිව්වා කියපු ලියුම Fake එකක්!

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති අරගලයට සම්බන්ධ තරුණයා මානසික අවපීඩන තත්වය මත සිය  කැමැත්තෙන් ජීවිතයෙන් සමුගෙන තිබෙන අවස්ථාවේ දේශපාලන වාසි තකා ඔහුගේ යයි හැඟවෙන ආකාරයට ලියුමක් ප්‍රසිද්ධීයට පත් කර ඇතැයි ඔහුගේ ඥාති හිතමිත්‍රාදීන් චෝදනා කර තිබේ.

මෙම ලියුම ඔහු සන්තකයේ තිබී හමුවූවක් නොවන බවත් හිතාමතාම ඔහු සහ ඔහු පෙනී සිටි අරගලය අපකීර්තියට ලක්කිරීමට ප්‍රබන්ධ කර ප්‍රසිද්ධ කරන ලද්දකැයි ඔවුන් දන්වා සිටී.

දිවයිනේ ප්‍රකට වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවය කළ බුද්ධි වෘත්තියෙන් නීතීඥයෙකුද වූ අතර ඔහු සිය ජීවිතයෙන් සමුගන්නට පෙර දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අන්තිම කැමැත්තේ සටහනක් නීතිමය වශයෙන් සහතික වන ආකාරයට සකස් කර ඥාතීන් වෙත යොමු කර තිබී ඇති අතර මේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එය නොවේ.

එකී ලියුමේ තමන්ගේ දේපළ ඇතුළු සියලු දේ අන්අය වෙත පැවරීම මෙන්ම තම ජීවිතයෙන් සමුගන්නට හේතුවන කරුනුද සටහන් කර තිබී ඇත.

බුද්ධිගේ ෆේස් බුක් ගිණුම පරීක්ෂාවේදී ඔහු අවසන් කාලයේ ජීවිතයෙන් සමුගන්නට සැලසුම් කර ඇති අයුරක්ද දිස්වන බව සමීපතමයින් දන්වා ඇත.

1. මේ ඔබ ජීවත්වෙන අවසන් සතිය නම් ඒ ගත කිරීමට කැමති කෙසේද?
2.මම මැරුනොත් උඹලා මොකද කරන්නේ?
3. යහපත් මරණය අවසර දීම නොහොත් euthanasia.
වැනි සටහන් ඔස්සේ ඔහු මරණය සැලසුම් කර ඇ.ති බවද ප්‍රකට වේ.

බුද්ධිගේ යයි හැඟවෙන ආකාරයට අරගලය විවේචනය කරමින් රචනා කර ඇති ලියුම එලෙස අන්තර්ජාලයට යොමු කරන ලද පුද්ගලයා සොයා ගැනීමට ඥාතීන් නීතිය හමුවට යන බවද මේ අතර වාර්තාවේ.

එකී Fake සටහන පහත පරිදිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka