පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට කාදිනල් හිමිපාණන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (19) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
ප්‍රශ්නය – ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා ?
“ඕවා ඉතින් කවදා වෙයිද දන්නේ නෑ. හුළඟේ යන දේවල් නේ. අපි දන්නේ නෑ මැතිවරණයක් කවදාද තියෙන්නේ, මොන මැතිවරණ ද තියෙන්නේ ? විශේෂයෙන් ජනාධිපතිතුමා සහ මැතිවරණ කොමිසම තමා ඒවා තීරණය කරන්නේ. ඒ අනුව අපි හැඩගැහෙන්නේ. එතකල් අපේ රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් පොදු ජනතා ව්‍යාපාරය මහජනයා වෙනුවෙන් පෙනී සිටිමින් ඒ කටයුතු කරගෙන යනවා ඉදිරියට.”
ප්‍රශ්නය – රජයට සම්බන්ධ බොහෝ පිරිසක් කියනවා විපක්ෂයේ විශාල කණ්ඩායමක් එනවා කියලා එජයේ දෑත් ශක්තිමත් කරන්න?
“ඒවා මේ ඔයාලමනේ කියන්නේ. බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා.”
ප්‍රශ්නය – සර් දැන් ඔබතුමාගේ දඩ මුදල ගෙවන්න ලෑස්ති වෙලා ද ඉන්නේ ?
“ඒක ඉතින් ඉස්සරහට බලමු. අධිකරණය කියන දේ අපි කරන්න එපැයි. ඒවට ගරු කරන්න එපැයි.”
ප්‍රශ්නය – කාදිනල්තුමා ඊයෙත් කිව්වා ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුයි කියලා?
“එයා අගවිනිසුරු නෙමෙයි නේ. ඒවා තීන්දු කරන්නේ අධිකරණය නේ.”

ජාලිය යටගම