IMF යනු ප්‍රාතිහාර්යක් නෙවේ...ගෝඨාභය පැන්නූ ලෙසම IMFද රටින් පන්නා දැමිය යුතුයි - වසන්ත මුදලිගේ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්‍රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ පැන්නූ ආකාරයෙන්ම රාජපක්ෂලා පැන්නූ ආකාරයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැන් යුතු බව හෙතෙම කියා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුව ලබාගන්නේ ණය මුදලක් බවත් රටේ ණය අර්බුදයට ආණ්ඩුව විසින් යෝජනා කර ඇති උත්තරය ද ණය ගැනීම බවත් හෙතෙම පෙන්වා දෙයි.
ගිය වසරේ මාර්තු මස තිස් වෙනිදා රටේ ජනතාව පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම සඳහා අරගලය මුලින්ම ආරම්භ කළ කරන ලද බවත් එවන් ඉතිහාසයක් නැවත නැවත ඇතිවිය හැකි බවත් හෙතෙම පැවසීය.
එවන් තත්ත්වයක් යළි ඇතිවීමට ඕනෑතරම් තත්ත්වයත් යළි මේ මොහොතේ නිර්මාණය වී ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
IMF යනු ප්‍රාතිහාර්යක් නෙවේ...ගෝඨාභය පැන්නූ ලෙසම IMFද රටින් පන්නා දැමිය යුතුයි - වසන්ත මුදලිගේ
2023-03-31T08:38:00+05:30
Lanka Hot News






