ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් මහතාගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතීඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලමින් නිවේදයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ නීතිඥ සාලිය පීරිස් සම්බන්ධයෙන් කොළඹ පැවති විරෝධතා, සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට ඇති අයිතියට බරපතළ බාධාවක් පමණක් නොව, නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතියටද විශාල ප්‍රහාරයක් බවකි.
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධයෙන් සාලිය පීරිස් සිය වෘත්තීය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
අධිකරණ පනතේ 41 වැනි වගන්තිය පැහැදිලිව සේවාදායකයකු නියෝජනය කිරීමේ අයිතිය දක්වා ඇති බවද එහි සදහන්ය.
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කරයි. සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, තමන් කැමති නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවත් එහි සඳහන් වේ.
මීට අමතරව, අපරාධ නඩු විධාන සංග්රහය අපරාධ නඩු වලදී නීතිමය නියෝජනය කිරීමේ අයිතිය ලබා දෙයි. නීති සංග්‍රහයේ 260 වගන්තියේ සඳහන් වන්නේ චූදිතයෙකුට නීතීඥවරයෙකු විසින් පෙනී සිටීමට අයිතියක් ඇති බවත්, අගතියට පත් සෑම පාර්ශ්වයකටම නීතිඥයෙකු විසින් අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් ඇති බවත් එහි සදහන්ය.
මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැදි විසිනි.