gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද වර්ජනයට වෘත්තීය සමිති 100ක් එක් වෙයි!

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තෙල්, වරාය, විදුලි, සෞඛ්‍ය, දුම්රිය, බැංකු, ගුරු ඇතුළු වෘත්තීය සමිති 1000කට අධික ප්‍රමාණයක් අද දින (01) රටපුරාම වැඩවර්ජන සහ විරෝධතා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව තෙල්, විදුලිබල සහ ජලසම්පාදන සේවකයන් අද දින අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙන අතර සෞඛ්‍ය සේවකයන් රෝගී සත්කාර සේවාවට බරපතළ හානියක් නොවන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා තිබේ.

රෝහල්වල ඇතැම් අංශවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය හැකි බැවින් ඒවායෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී වැඩවර්ජනය කරන බවත්, හදිසි ප්‍රතිකාර ලබා දිය යුතු අංශවල ඒවා සිදු කරමින් විරෝධතාව සඳහා සහාය දක්වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවැසීය.

කළු පටි පැලඳ, කළු කොඩි ඔසවමින් මෙම විරෝධතාව දහවල් කෑම පැයේදී සිදු කිරීමට නියමිතය.

රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් අද දිනයේදී රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ උපරිම සහභාගිත්වය ලබාදෙන බවද එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී.

එමෙන්ම අද දින දුම්රිය වර්ජනයක් නොකරන බවත් වර්ජනයට සමගාමීව ආණ්ඩුවේ අසාධාරණ ක්‍රියාකලාපයට එරෙහි දැවැන්ත විරෝධතාවක් සිදුකරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද දින දුම්රිය කළු කොඩි ඔසවා ධාවනය වන බවත්, දුම්රිය සේවකයන් කළු පටි පැලඳ සේවා සඳහා පැමිණීමට කටයුතු යොදා ඇත.

මේ අතර බස් ධාවනයද අද සාමාන්‍ය පරිදි සිදුවන බව බස් සංගම් සඳහන් කර සිටිති.

එමෙන්ම ගුරුවරුන්ද කළු පටි පැලඳ සේවයට වාර්තා කර පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩවර්ජන සහ විරෝධතා ක්‍රියාවලියට ලංකා බැංකු සේවක සංගමයද එක්වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කියා සිටී.

ඒ අනුව ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය, පෞද්ගලික හා විදෙස් බැංකු 18ක සේවකයන් අද දින වැඩවර්ජනයේ නිරත වෙති.

මේ අතර වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතාගේ අත්සනින් යුතුව පෙරේදා (27) ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම පොදු ප්‍රවාහන සේවා බවට ගැසට් නිවේදනය මගින් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගීන් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට හේතුවී ඇත්තේ වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවාවන් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් විසින් අද දින සිදු කරන වැඩවර්ජනය වැළැක්වීම සඳහා බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka