තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින අතර එසේ නොකරන මන්ත්‍රිවරුන්ට සිර දඬුවම් සහ දඩ පැනවීමට හැකියාවක් ඇති බවත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (28) එම තීන්දුව ලබා දෙන ලද්දේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමිනි.
මෙම තීන්දුවට පදනම් වූයේ පාර්ලිමේන්තු මන්ක්‍රිවරුන්ගේ වත්කම් සහ බැරම් පිළිබඳව තොරතුරු ජනතාව වෙත ලබා දීමට පාර්ලිමෙන්තුව බැඳී සිටින බවට තොරතුරු කොමිසම විසින් දෙන ලද තීන්දුවක් අභියෝගයට පක් ලක් කරමින් ඊට එරෙහිව පාර්ලිමෙන්තු මහලේකම්වරයා විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
2018 වසරේ දී මාධ්‍යවේදී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර චාමර සම්පත් විසින් තොරතුරු කොමිසම වෙත කළ පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම අදාළ තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කළේය.
කෙසේ වුවද තොරකුරු කොමිසම ලබා දුන් නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි
එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද මහජනතාව විසින් නඩත්තු කරන අය බැවන් ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳීසිටින බවයි.
