gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් කට වහං ඉදීම වැරදියි..- සිපෙට්කෝ පොහොට්ටු සභාපති

ජාතික සම්පත් විකුණද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසාගෙන සිටීම වැරදි බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවද පැවසූ ඔහු කාංචන විජේසේකර මහතාගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසා ගෙන නොසිටිය යුතු බව කියා සිටියේය.

මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට කැපවූ පාර්ශවයක් ලෙස තෙල් සංස්ථාව රැක ගැනීම වෙනුවෙන් සිදු කරන වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ග දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමාගම් වල ගිණුම් තර කිරීම වැළැක්වීම එකම අරමුණින් සිදු කරන්නක් මිස ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැතැයි ද ඔහු කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka