වෘත්තීයවේදීන්ට තවත් ගහපල්ලා! මෙන්න හිටපු විශේෂඥ දොස්තරවරු 3 දෙනාම රට හැරලා ගිහින්! අනුරාධපුර මහරෝහලේ ළමා වාට්ටුව වසා දමයි!
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝගීන් සඳහා විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව පැවැති එක් වාට්ටුවක් එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශගත වීම හේතුවෙන් තාවකාලිකව වසාදැමීමට සිදුව තිබේ.
එම රෝහලේ 63 වාට්ටුව මෙසේ වසාදදමා ඇති අතර එහි සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමුකිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමුකරන ලෙසටත් රෝහලේ බලධාරීන් මේ වන විට අදාළ උපදෙස් දී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ආර්ථික අර්බුදය සහ ඒ ආශ්‍රිතව පැනනැගුණු තත්ත්ව හමුවේ මෙරට වෘත්තිකයන් විශාල වශයෙන් විදෙස්ග වීමට සමගාමීව මෙම තත්ත්වය නිර්මාණය වූ අතර රටේ ප්‍රධාන පෙළේ රෝහලක විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් වාට්ටුවක් වසාදැමීමට සිදුවීම එහි උච්චතම අවස්ථාවකට ගමන් කිරීමේ මුල් පියවර විය හැකි බවත් මේ පිළිබඳ අදහස් දැක්වූ විශේෂ වෛද්‍යවරයෙක් පැවැසීය.
වෘත්තීයවේදීන්ට තවත් ගහපල්ලා! මෙන්න හිටපු විශේෂඥ දොස්තරවරු 3 දෙනාම රට හැරලා ගිහින්! අනුරාධපුර මහරෝහලේ ළමා වාට්ටුව වසා දමයි!
2023-03-30T20:21:00+05:30
Gossip Lanka Hot News






