gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ උපන් දිනේට ජල ව්‍යාපෘතියක් විවෘත කලා… අපි හොද නැත්නම් ගෙදර යවන්න - සනත් නිශාන්ත

රටතුළ පවතින කාලගුණ විපර්යාස  සහ  භුගත ජලයේ වෙනස්වීම සමගින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය විශාල ලෙස වැඩිවී තිබෙන බව, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගම්පහදී ප්‍රකාශ කළේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ, පවුල් ලක්ෂ හතරකට පානීය ජල අවශ්‍යතා සපුරාලන දැවැන්ත ජල ව්‍යාපෘතියක නිමකළ පළමු අදියර ජනතා අයිතියට පත්කළ අවස්ථාවේදීයි. 
රුපියල් මිලියන 33060 ක් ඇස්තමේන්තු ගතකර තිබූ මෙම සමස්ථ ව්‍යාපෘතිය යටතේ විවෘත කළ පලමු අදියර තුලින් පවුල් 5000 කට ප්‍රතිලාභ ලබාදී තිබිණ.

ගම්පහ, අත්තනගල්ල, සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කර තිබූ මෙම ජල යෝජනා ක්‍රමයේදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ ඇරඹුවේ ජල ව්‍යපෘති සංකීර්ණයක මුල් අදියර. ඊළග අදියර කිහිපය දම්වැලක පුරුක් වගේයි. දිගටම ක්‍රියාත්මකයි. අපේ බලාපොරොත්තුව, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමයි.

පානීය ජලය අද රටේ ප්‍රශ්නයක්. මේ සූදානම එය කළමනාකරණය කරගැනීමටයි. හැකි ඉක්මණින් පළාතෙන් පළාතට, අදියරෙන් අදියර ජල ව්‍යාපෘති ආරම්භ කොට ක්‍රමානුකූලව අවසන් කිරීමයි අපේ අරමුණ.

මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය දවසේ ගම්පහ දුස්ත්‍රික්කයේ පවුල් 180000 කට අධික පිරිසකට පානීය ජලය ලබාදෙන ව්‍යාපෘතියක්  විවෘත කළා.ඒ ව්‍යාපෘතියෙන් පවුල් විශාල ප්‍රමාණයකට පානීය ජලය සැපයිය හැකියි. මේ සියලු ව්‍යාපෘති රටක් විදියට සළකළා බැලුවම, එය රටේ සමස්ත ජනතාවගෙන් 60% කට වඩා ආවරණය කෙරෙන්නක්.
 
පානීය ජල අවශ්‍යතාවයෙන් පෙළෙන අම්පාර දිස්ත්‍රික්කයෙන් 70% ක් ආවරණය කර අවසන්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 72%ක ජනතාවකට පානීය ජලය ලබාදී අවසන්. නුවරඑළි දිස්ත්‍රික්කයේ ඇති පානීය ජල අවශ්‍යතාවයෙන් 45%ක් දැනටමත් අවසන්.

අපි මහජන නියෝජිතයෝ විදියට කරන ජනතා සේවය හරි නැත්නම්, ජනතාවට පුලුවන් අපිව කතිරෙන් ගෙදර යවන්න. ඒ තමයි ජනතාව වෙනුවෙන් කැපවුණු අපේ දේශපාලනයේ අභිමානය. ජනතා සේවයේ ගෞරවය . ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා වශයෙන් ජනතාවගේ  පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම මගේ රාජකාරිය. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා.


ජල ව්‍යපෘතිය විවෘත කිරීමේන අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, උපුල් මහෙර්න්ද්‍ර, කෝකිලා හර්ෂණී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ වරුසප්පෙරුම යන මහත්ම මහත්මීන් අතුලු මහජන නියෝජිතයන් සමගින් ප්‍රදේශවාසීහූද එක්ව සිටියහ.

පී.සී.හෙට්ටිආරච්චි
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka