gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : චීන ණය සහතිකය නොලැබෙයි! රනිල් චීන ජනාධිපතිට කතා කරන්න ගත් උත්සාහයත් අසාර්ථකයි! ආණ්ඩුව චීන ලියුම අතහැර IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති වෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා මේ වන විට පවතින්නේ ඉතා තීරණාත්මක ස්ථානයකය. මීට සති දෙකකට ඉහතදී චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාවේ ණය වසර දෙකක කාලයක් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකොට තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මූල්‍ය අරමුදල කියා තිබුණේ වසර දෙකක එම සහනය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනෙකුත් රටවල් කළාක් මෙන් ඊට වැඩි කාලයක ණය සහනයක් චීනයෙන් ලංකාවට ලැබිය යුතු බවත්ය. නමුත් මූල්‍ය අරමුදලේ එම ලිපියට තවමත් චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම විශේෂ සිදුවීමකි.

ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරුවද එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී තිබිණි. පසුව ඉකුත් දින කිහිපය තුළද ජනාධිපතිවරයා ඒ පිළිබඳ යළිත් උත්සාහ කළත් එහිදීද ලැබුණේ ඊට පෙර ලැබුණු ප්‍රතිචාරයමය. ඒ අනුව මේ වන විට ලංකාව මුහුණ දී සිටින්නේ මූල්‍ය අරමුදලේ ණය සහනය නොලැබී යන අවදානමකටය. එසේ වුවත් ආණ්ඩුවට හිතවත් සිංහල මාධ්‍ය මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යද පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මවමින් කියා සිටියේ ලබන මාසය වන විට මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාරයක් ලංකාවට ලැබෙනු ඇති බවත්, මාර්තුව වනවිට ණය මුදල් නිදහස් වනු ඇති බවත්ය.

මේ තත්ත්වය යටතේ මේ වන විට ආණ්ඩුව තීරණය කර ඇත්තේ චීනය නොමැතිව කෙසේ හෝ ලංකාවට ණය ලබාදීම සම්මත කරගත යුතු යෝජනාව මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමටය. නොඑසේ නම් ණය ප්‍රතිව්‍යුහගත කරන චීන ලිපිය නොමැතිව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා දිගටම පවත්වාගෙන යෑමටය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ චීනයෙන් අවශ්‍ය ලිපිය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට සූදානම්ද යන්න සම්බන්ධයෙන්ය. දැනටමත් අවස්ථා ගණනාවකදීම මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබුණේ ලංකාවේ වැඩිම ණය හිමියා චීනය වන බැවින් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, අනෙක් රටවල් හා සමානවම චීනයද ලංකාව සම්බන්ධයෙන් එක හා සමාන දායකත්වයක් දැරිය යුතු බවත්ය. ඒ අනුව මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මුදල් සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවට අලුත් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවක් මේ වන විට දැකගන්න තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka