gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය 2024 තෙක් කල් යනවා... ප‍්‍රචාරක වැඩ නවතන්න - ජනාධිපති එජාපයට දන්වයි

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව දැනුම් දිම නිසා පළාත් පාලන මැතිවරණය 2024 දක්වා කල් දැමිමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අභයවර්ධන පැවසිය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින පැවති ගාල්ල මහා නගර සභා ශ්‍රවනාගාරයේදි පැවති ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප පළාත් පාලන මැතිවරණ අපේක්ශක හමුව අමතමින්ය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ මුදල් අමාත්‍ය ධුරය දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එ.ජා.ප කළමණාකරන කමිටු රැස්විමේදි 2023 පළාත් පාලන මැතිවරණය පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ ජන්දයට මුදල් ප්‍රතිපාදන වෙන්කිරිමේ කිසිදු හැකියාවක් මහා භාණ්ඩාගාරයට මේ වන විට නොමැති බවත් ඒ හේතුවෙන් පුංචි ජන්දය 2024 වසර දක්වා කල් යනු ඇති බවයි.

පළාත් පාලන ආයතන සභිකයින් ගණන 50% කින් අඩුකර නව සීමා නිර්නය වාර්තා නිර්දේශයන්ට අනුව 2024 වසරේදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර දිය හැකි බවද ජනාධිපතිවරයා පැවසු බව මන්ත්‍රිවරයා මෙම හමුවේදි අදහස් දක්වමින් පැවසිය.

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බාරගත් නාමයෝජනා අවලංගු විමේ අවධානමක් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප අපේක්ශකයින් මැතිවරන ප්‍රචාරන කටයුතු නතර කිරිම වඩා යෝග්‍ය බවද මන්ත්‍රිවරයා අපේක්ශකයින් වෙත පැවසිය.

– මාධ්‍ය ඒකකය


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka