gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාර්යාලයට සීල් කරන්න යෝජනාව ආවෙ ඊයේ ජනාධිපති කාර්යාලයේ දි… මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි!

තමන්ගේ කාර්යාලයට මුද්‍රා තැබීමේ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඊයේ මහජන උපයෝගීතා  කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ලේකම්වරිය ජනාධිපති මන්දිරයට ගෙන්වා විදුලි බිල වැඩි කිරීම සඳහා  සිදුකළ අනුමැතිය ලබා ගැනීමේ සිද්ධිය අතර තුර දී බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

කෙසේ වෙතත් එසේ මුද්‍රා තැබීම සම්බන්ධව තමන් සියලුම පාර්ශවයන්ට ප්‍රාණාමය පුදකරන බවද සභාපතිවරයා කියයි.  විදේශයක සිට අද ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.

“ඊයේ ජනාධිපති කාර්යාලයේ ඔය සාකච්ඡාව සිද්ධ වෙනවෙලාවෙ ප්‍රකාශයක් කරලා තිබුණා මගේ ඔෆීස් එක සීල් කරන්න ඕන කියලා. ඊයෙ කිව්වා වගේම අධිකරණය අද නියෝගයක් දීලා තියනවා. මගෙ කිසිම විරෝධත්වයක් නෑ. මම රාජ්‍ය නිලධාරියෙක්. ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක්. මගේ ඔෆීස් එකේ තියන හැම දෙයක්ම රජයට අයිතියි.”

“හැබැයි මගේ මේසෙයි පුටුවයි මම අරන් ගිහින් තියෙන්නෙ. මම කවදාවත් රජයේ ආයතනවල මේස පුටුවල ඉඳගන්නේ නෑ.”

“ඒක කළේ හොඳ දෙයක්…  මොකද තුන්වන පාර්ශවයක් ඇවිත් මගෙ කාමරයට මොනවා හරි දාලා කරන්න ගිය දෙයක් තියනවා නම් එය වළක්වපු එක ගැන පොලිසියේ ස්ථානාධිපතිතුමාටත්, දේශපාලන අධිකාරියටත් ප්‍රණාමය පුද කරනවා.”

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ රජය අපහසුතාවයට සිදුවන සිදුවීම් එය තුළ සිදුවෙමින් ඇති බවට ලද තොරතුරකට අනුව   කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම අධිකරණ නියෝගය ලබා ගත් බවය.   මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදේශගතව සිටින බැවින් ඔහු යළි රටට පැමිණි පසු කාර්යාලය නැවත  ඔහු ඉදිරියේ විවෘත කරන බවය.




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka