gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට ගිය ගෝඨාභය මැලේසියාව හරහා යළි එයි!

විදේශගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) රාත්‍රී යළි මෙරටට පැමිණියේය. මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් මැලේසියාවේ ක්වාලලම්පූර් සිට පැමිණි ඔහු සමඟ අයෝමා රාජපක්ෂ මහත්මිය සහ පෞද්ගලික ලේකම්වරයාද විය.

රාජපක්ෂ මහතා චීනයේ සහ මියන්මාරයේ සංචාරය කළ බව ආරංචි මාර්ග පවසන අතර මෙය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 14 වැනි චීන සංචාරය බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. ඔහු ජනාධිපති ධුරයට පත් වන්නට පෙර 13 වතාවක් චීනයට ගොස් ඇති බව සඳහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රජයෙන් ලබා දී ඇති බෞද්ධාලෝක මාවතේ නිවසේ රැඳී සිටීමට ප්‍රියතාවක් නොදක්වන අතර ඔහු ඒ වෙනුවට මහින්ද රාජක්ෂ හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව විසු ස්ටැන්මෝ චන්දුවංකයේ පිහිටි නිවසක් ඉල්ලා තිබුණද එම නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට ලබා දීමට රජය කටයුතු කර ඇති අතර ඔහු බොහෝ විට මිරිහාන පෞද්ගලකි නිවසේ ගත කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. දැනට ලබා දී අති නිවස මහා මාර්ගයට ආසන්න බැවින් පවතින දැඩි ඝෝෂාකාරී තත්ත්වය හේතුවෙන් ඔහු එම නිවසට ප්‍රිය නොකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka