ඡන්ද අයිතිය ඉල්ලා පාරට බහින මහජනතාව මර්දනය කිරීමට රජය ගෙන යන ක්‍රියාකලාපය හෙළා දකින බවත්, මැතිවරණ පැවැත්වීමේ බලය හසුරුවන්නේ තනි පුද්ගලයෙක් බවත් අද පැවැති නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා කීය.
අසීමිත බදු ප්‍රතිපත්තිය මගින් ජනතාවගේ ආර්ථික මට්ටම පහත වැටී ඇති බවත්, විගණනාධිපති වාර්තා මගින් පෙනී යන්නේ රජයේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු කමිටුවල සාමාජිකයින් පත් කිරීමේදී අත්තනෝමතික ක්‍රියාකලාපයක් ගෙනයන බව කී පීරිස් මහතා විනිවිද තොරතුරු ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් පාර්ලිමේන්තු කමිටුවලින් ඉල්ලා අස් වූ බවත් සදහන් කර සිටියේය.
මුදල් නොමැතිකම පවසා මැතිවරණ කල් දැමීම නොපිළිගන්නා බවද පෙන්වා දුන් ඒ මහතා ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන බවද පෙන්වා දුන්නේය.