gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඡන්දෙට හෙට ඉඳන් නාමයෝජනා කැඳවනවා! සෙනසුරාදා දවල් 12 වෙනකම් නාමයෝජනා දෙන්න පුලුවන්!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) ආරම්භ වීමට නියමිතයි.

එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේත් සිදු කෙරෙනවා. 
2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පළාත් පාලන ආයතන 341න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබුණු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මේ දින වලදී සිදු කෙරෙන්නේ ඒ අනුව යි.

දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂි හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාල වල දී ඇප මුදල් තැන්පත් කර ඇති බව යි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka