gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රේස්කෝස් පිටිය අසල ඝාතනය වු සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයාත් සරසවි සිසුවෙක්… දෙදෙනාම විද්‍යා පීඨයේ 3වැනි වසරේ...ඔහුත් සිය දිවි නසාගන්න හදලා!

කොළඹ තුරග තරග පිටිය ආසන්නයේදී ගෙල කපා ඝාතනය කර ඇත්තේ විශ්වවිද්‍යාල සිසුවියක බවත් එම සිසුවියගේ ඝාතකයා ද විශ්විද්‍යාල ශිෂ්‍යයෙක් බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මෙම ඝාතනය වූ සිසුවිය සහ සිසුවියගේ ඝාතකයා යන දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ සිසුන් බව වාර්තා වේ. 
පොලීසිය පැවසුවේ ඝාතනය සම්බන්ධව සැකකාර ශිෂ්‍යයා වැල්ලම්පිටියේ ඔහුගේ නිවසේ දී  අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම සිසුවා සිය දිවි හානි කාරගැනීමේ උත්සාහයක නිරත වීමට සැලසුම් කර තිබූ බවට පොලිසිය විශ්වාස කරයි. ඊට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ විමර්ශකයින් සමත් වී ඇත.

අද දහවල් 12.00ට පමණ කොළඹ තුරඟ තරඟ පිටිය අසල පාපන්දු සම්මේලන ගොඩනැගිල්ල සමීපයේ ගෙල කපා ඝාතනය කර තිබුණේ, හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමති සිසුවියකි.

පොලිසිය ඝාතන සැකකාර සිසුවාගෙන් කටඋත්තර සටහන් කරගනිමින් ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka