මව්පියන් මත්ද්‍රව්‍ය ලෝලීන් වීම නිසා දරුවන් 12,000 කට වඩා වැඩි පිරිසක් ළමා නිවාසවල අත්හැර දමා ඇති බවත් විවිධ අපචාරයන්ට ගොදුරු වන මේ දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා එම දරුවන්ගේ ආච්චි අම්මලා හෝ සීයලා සමග රෝහලට එන බවත් ලේඩි රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.
ඊට අමතරව දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පවසන වෛද්‍ය දීපාල් පෙරේරා, රටේ පැවති ඕනෑම ත්‍රස්තවාදයකට වඩා මේ ත්‍රස්තවාදය බිහිසුණු බව පවසා තිබේ.
විශේෂයෙන් ම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පාසල් දරුවන් අතර ඉහළ ගොස් ඇති බවත් සියළු ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ සමස්ත ජනතාවම දැවැන්ත අරගලයක් දියත් කළ යුතුව ඇති බවටද ඔහු යෝජනා කරයි.
විශේෂයෙන් ම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පාසල් දරුවන් අතර ඉහළ ගොස් ඇති බවත් සියළු ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ සමස්ත ජනතාවම දැවැන්ත අරගලයක් දියත් කළ යුතුව ඇති බවටද ඔහු යෝජනා කරයි.
