අම්පිටිය මීකණුව ප්‍රදේශයේ දී පියා ඉදිරිපිට පාසල් දරුවෙකුට භූමිතෙල් වත්කර පිළිස්සූ අපරාධකරුවන කුරුසකන්දේ පැතුම් හෙවත් B.P. සංජීව නැමැත්තා මේ තරම් අශිෂ්ට අපරාධකරුවෙක් වූයේ ඔහු හා සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් හේතුවෙන් බවත්, ඕනෑම අපරාධයක් කර අත්අඩංගුවට පත් නොවී සිටීමට හා අත්අඩංගුවට පත්වන අවස්ථාවලදී ඇප ලබා නිදහස වීමට එම පොලිස් කණ්ඩායම පහසුකම් සැලසූ බවත් අනාවරණ කරමින් ඔහුගේ මව තම අත්සනින් යුතුව ලියූ ලිපියක් මහනුවර ආණ්ඩුකාරවරයා ඇතුළු ආරක්ෂ ප්‍රධානීන් වෙත ලැබී තිබේ.
පැතුම් හා සම්බන්ධ වෙමින් ඔහුගේ මූල්‍ය ආධාර උපකාර සහිතව ඔහුව ආරක්ෂා කරන මෙම පොලිස් නිලධාරීන්ගේ නම් ගම් ඇතුළු සියලු විස්තර එම ලිපියේ අන්තර්ගතව ඇතැයි වාර්තා වේ.
මෙම ලිපිය අම්පිටිය ගඟවටකෝරලය ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර කුමාර වෙත පැතුම්ගේ මව විසින් ලබාදීමෙන් අනතුරුව ඔහු ඊයේ (06) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමේ දී එම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පළාත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දිසාපතිවරයා ඇතුළු ඉහළ පරිපාලන නිලධාරීන් වෙත එම ලිපියේ පිටපත් යොමු කර තිබිණි.
පැතුම්ගේ මැරකම් හා නීති විරෝධී ක්‍රියා සඳහා මෙම පොලිස් නිලධාරින්ගේ පුර්ණ සහාය ලැබුණු ආකාරයත්, පැතුම් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පැහැර හැරීම, අත්අඩංගුවට ගනු ලැබුවත් ඇප මත නිදහස් විය හැකි ආකාරයට නීතිය මෙහෙයවීම ඇතුළු පොලිස් රැකවරණයත් ඔහු බිහිසුණු අපරාධකරුවෙක් කළ කාරයත් එම ලිපියේ අන්තර්ගත බව මේ සම්බන්ධව අදහස් දැක්වූ ගඟවට කෝරලයේ ප්‍රාදේශීය සභා සභාපති සිසිර කුමාර පැවසුවේය.
එමෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ මැරයින් ඇතුළු අපරාධකරුවන් රැසක් සම්බන්ධ පූර්ණ හෙළිදරව්වක් ද එම ලේඛණයේ අන්තර්ගත බව ඔහු කීවේය.
සභාපතිවරයා පැවසුවේ තැන්නේ කුඹුර ප්‍රදේශයේ පාසල් අත්හැරුණු විශාල දරු පිරිසක් සිටින බවය. නුවර වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින්නේත්, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ස්ථානගත වී සිටින්නේත් තැන්නේ කුඹුරේ බව පැවසූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ තැන්නේකුඹුරේ සිට පොල්ගොල්ල තෙක් විහිදුන මහවැලි ගං තීරයේ සිදුවන මත්ද්‍රව්‍ය අපරාධවලට ඍජුවම මේ අධ්‍යාපනය මගහැරුණු දරුවන් සම්බන්ධ බවය.
පැතුම්ගේ මව අනාවරණ කළ තොරතුරු අනුව ඇය විසින් දක්වා ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව විමර්ශන ආරම්භ කරන්නේ යැයි කී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පැවසුවේ සුළු හෝ අනීතික කටයුත්තක් මේ නිලධාරීන් අතින් සිදුවී ඇතිනම් ඒ පිළිබඳ දැඩි නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවය.
lankasara