කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.
බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම විශේෂත්වයක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තවත් ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතයි.