gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තනතුරක් නැතිව ආපු එරික් සෝල්හයිම්ට රනිල් අලුත් තනතුරක් දෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.එමෙන්ම, මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවයි එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ.

පෙරේදා (10) දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත වුණා.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන එරික් සෝල්හයිම් එල්.ටී.ටී.ඊ. යුද සමයේදි 2002 වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකු ලෙසද කටයුතු කළා..

ඔහු අද (12) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික නායකත්වය සඳහා ජනාධිපතිතුමාට විශිෂ්ට දැක්මක් ඇති බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka