gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩයනාට ඕන විදිහට නීති නමන්න බෑ... නයිට් ක්ලබ්වල ගංජා ගහන්න දෙන්න බෑ – සිසිර ජයකොඩි

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන විටත් සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

“නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒක නිසා එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ.

ඒ වගේ ම රටට හානියක් වෙන්න දෙන්න බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට. ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අපිට පුළුවන් කමක් නෑ.

ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය උපයෝගි කරගෙන ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අපිට පුළුවන් ඖෂධීය කංසා සහ ඒ නිස්සාරණ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න. ඒ නීති හදලා ඉවරයි. අපි ඒ කෙටුම්පත් කැබිනට් මණ්ඩලයට මේ දවස් දෙක තුන තුළ ඉදිරිපත් කරනවා.”

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එම අදහස් පළ කළේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka