gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට අමාරුයි කියමින් මහබැංකු නිලධාරීන් සියලු සැප ගනී! රට යන්න සතියක වියදමට ලක්‍ෂ 62 කුත් ඉල්ලලා!

රටේ ආර්ථිකයත් එන්න එන්නම නරක අතට හැරීම හේතුවෙන් ජනතාව බොහෝ කැපකිරීම් කළ යුතු බවත්, රාජ්‍ය සේවකයන්ගේ දීමනා පමණක් නොව වැටුප් පවා කප්පාදු කළ යුතු බවට වූ පුවත් අසන්නට ලැබෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඊට සම්බන්ධ නිලධාරීන් පිරිසක් තව දුරටත් ලක්ෂ ගණනක දීමනා ලබන බව අන්තර්ජාල නාලිකාවක් හෙලි කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අනු කමිටුවක් වන ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ සාමාජිකයින් 07 දෙනෙකු 2020 සිට 2022 ජුනි මස දක්වා කළ සීමාව සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් දීමනා ලෙස ලබාගෙන ඇත.
2019 නොවැම්බරයේ සිට 2022 අප්‍රේල් මස දක්වා කාලය තුළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද එහි දීමනා වශයෙන් රුපියල් දාහත් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගෙන ඇති අතර නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද සදහන්ය.

මේ අතර ඔක්තොම්බර් මාසයේ ඇමරිකානු සංචාරයක වියදම් පියවා ගැනීම වෙනුවෙන් මහබැංකුවේ ඉහළ නිලධාරියෙකු රුපියල් මිලියන 6.2 මුදලක් ඉල්ලා ඇති බවද එම නාලිකාව වාර්තා කලේය.

- lankacnews


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka