gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල් තමයි අපව මෙහෙයවන්නේ - කෝප් සභාපති

“පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ නොහැකි” බව කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි. 
පොදුජන එක්සත් පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා බැවින් එම පක්ෂයේ බහුතර මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ ද බැසිල් රාජපක්ෂ මහතා බව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීය.

මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේ ද කීය.

“බැසිල් රාජපක්ෂ තමයි මේ පක්ෂයේ නිර්මාතෘවරයා. ඉතිං බැසිල් රාජපක්ෂට අයිතියක් නැද්ද මේ පක්ෂයේ මෙහෙයුම් කටයුතු සිදු කරන්න. පක්ෂයේ කටයුතුවලට මැදිහත් වෙන්න. බැසිල් රාජපක්ෂ මහතා කරන්නේ කාටවත් ඕන දේවල් නෙවෙයි. මේ පක්ෂයට හා පාක්ෂිකයන්ට අවශ්‍ය දෙයයි.

එහෙම නැතිව කාට කාටවත් අවශ්‍ය විධියට මේ පක්ෂයේ වැඩ වෙන්නේ නැහැ. 2016 වසරේ අපේ රෙදි ගලවලා මහ පාරේ ඇවිද්දවනව කියලා කීවා. නමුත් බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය ආරම්භ කළා. ශක්තිමත් පක්ෂයක් හැදුවා. ඒ නිසා දේශපාලන වශයෙන් බැසිල් රාජපක්ෂ භූමිකාව ඝාතනය කරන්න කාටවත් පුළුවන් කමක් නෑ. ඇතැම් අය කියන විදියට බැසිල් මහත්තය තිරය පිටුපස ඉඳල නෙවෙයි පක්ෂ කටයුතු මෙහෙයවන්නේ තිරය ඉදිරිපස ඉඳලයි. අපි අභියෝගවලට මුහුණ දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ රටේ තවදුරටත් ප්‍රබල ම පක්ෂය. මේ රටේ ව්‍යවස්ථාදායකය හසුරවන්නේ අපි. තාවකාලික පසුබෑමකට ලක් වුණා. ඒක වුණේ අපේ වරදින් ම කියලා කියන්න බෑ. අරගලය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දැන් රටට හෙළි වෙලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම බහුපක්ෂ දේශපාලනය වැළලෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. අපි කළුතරින් නව ගමනක් පටන් ගත්තා. 16 වන දා මහනුවරට එනවා.

අනුරාධපුරයට, පොළොන්නරුවට වගේ ම රට වටේ ම ගිහිල්ලා නව වැඩපිළිවෙළ ගැන පාක්ෂිකයන් හා මහජනතාව දැනුවත් කරනවා. බහුපක්ෂ ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගමු කියල අපි රටේ ජනතාවට කියනවා. අද ගල් අඟුරු, ඉන්ධන වංචා ගැන නිතර කතා වෙනවා. අධිකරණයකින් වැරදිකරු කරනකම් මේ චෝදනා තියෙන අය නිවැරදිකරුවන් බවයි අපි හිතන්නේ. හැබැයි වැරදිකරුවන් වුණොත් තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතුයි.”

– Mawbima


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka